ගැහැණු මනුස්සයා

ප්‍රතිනිෂ්පාදනයේදී පිරිමියාගේ කාර්ය කොටස බින්දුවක් තරම්. මේ හීනමාන මානසිකය ඉතාම විශාල ගැටළුවක් නිර්මාණය කරල තිබෙනව. පිරිමියා ගැහැණියගේ ත‍ටු කපන්න පටන්ගත්ත. සෑම ආකාරයකින්ම ඇයව සුළු කොට තකන්න, ඇයව හෙලා දකින්න පටන්ගත්ත.
[ගැහැණු මනුස්සයා පි:09]

ඔබ දරුවන් දහ දෙනෙකුගේ අම්මා වෙනවා කියල ප්‍රාර්ථනා කරනව. අවසාන වශයෙන් ඔබේ ස්වාමිපුරුෂයා ඔබේ එකොලොස්වෙනි දරුවා උනාදෙන්, ඔබේ සැමියාට මවක් වෙන්න සමත් උනේ නැතිනම් ඔබ සාර්ථක බිරිඳක් වෙන්නෙ නැහැ. මේක හරිම අමුතුයි එහෙත් එහි අතිවිශාල මනෝවිද්‍යාත්මක විදර්ශනාවක් තිබෙනව. මොකද සෑම පිරිමියෙක්ම තම බිරිඳ තුල සිය මව සොයනබවත්, සෑම ගැහැණියක්ම පිරිමියා තුල තම පියා සොයන බවත් මනෝ විද්‍යාව තුලින් කරුණු අනාවරනය කරගෙන තියනව
[ගැහැණු මනුස්සයා පි:11]

අද ලෝකයේ ක්‍රියත්මක වෙමින් තිබෙන කාන්තා විමුක්ති ව්‍යාපාර පිරිමියා විසින් නිර්මාණය කල ප්‍රපංචයන්. පුරුෂ නිර්මාණ ප්‍රපංචයන්. ලොව පුරාම සිටින ගැහැණුන්ට ස්වාධීන වීම අවශ්‍යබවට ගැහැණුන් පොළඹවාගැනීමට පිරිමියා උත්සාහ කරනව. පිරිමියා සහ ගැහැණිය අතර සමනාත්මතාවයක් තිබිය යුතුයි කියල පලමුවෙන්ම කතාකරන්න පටන් ගත්තෙ පිරිමියෙක් මිස ගැහැණියෙක් නෙමෙයි. අතීතයේදි ගැහැණිය පිරිසිඳු ජීවියෙක්, දේවදූතිකාවක් යැයි සිතන්න ඔවුන් පොලඹවාගත්තා. පිරිමියා අපිරිසිඳුයි, කොල්ලො කොල්ලොමයි නමුත් ගැහැණු? පුරුෂයා ඇයව දේවත්වයේ තබා ඔසවනවා; ඒ ඔහු ඇයව පාලනයට යොදන විජ්ජාවක්. ගැහැණිය ඉහල ස්ථානයක සිටීමෙන් හිතන්න ගත්තා තමන් දේවත්වයේ කියල. ඇයට බැහැ මිනිස්සු කරන දේ කරන්න. මොකද එය ඇගේ මමත්වයට එරෙහිව යන නිසා. ඇය තමයි මව, ඇය තමයි දේවත්වය. ඇයට පුරුෂයාට වඩා දේව ගුණයන් තියනව. පිරිමියා කැතයි, අසංවරයි, පිරිමියාට සමාව දියයුතු වෙනව
[ගැහැණු මනුස්සයා පි:32]

ඇය කවදාවත් ලිංගික ක්‍රියාවන්ට පක්ෂව සිටියේ නැහැ. එය එයින් දුක් වින්දා. ඒවා දරාගත්තා. ඈ එයට එකඟ වෙන්නේ එය ඇගේ වගකීමක් වුණ නිසා; ගැඹුරු ඇතුලාන්තයේ ඈ සිය සැමියාට වෛරකලා. මොකද ඔහු නිකම් හරියට සතෙක් වගේ නිසා. ගැහැණු බඹසර ‍රැකි සාන්තුවරයන්ට හැමවිටම වන්දනාමාන කරන්නේ කුමන හේතුවක් නිසාද කියලද ඔබ සිතන්නේ? එහි ඉතාම අභ්‍යන්තර හේතුව, ඔවුන්ගේ බඹසර කමයි පූජනීයත්වය සනාත කරන දෙය. ඇගේ සැමියාට ඒ ආකාරයට ගරු කරන්න ඇයට බැහැ.
[ගැහැණු මනුස්සයා පි:50]

මිනිහා විසින් සොයා ගනිපු ඉතාම අප්‍රසන්න ආයතනය තමයි විවාහය. ඒක ස්වාභාවික නැහැ. ඒක සොයාගන්නේ එහිදී ඔබය ගැහැණිය යටත්කරගන්න පුළුවන් නිසා. ඔබ ගැහැණියට සලකමින් සිටියේ ඉඩම් කබැල්ලක් නැත්නම් මුදල් නෝට්‍ටු ටිකකට වගේ. ඔබ ගහැණිය භාණ්ඩයක තත්වයට ඇද දැම්මා. මතක තබාගන්න ඔබ ඕනෑම මනුෂ්‍ය ප්‍රාණියෙක් භාණ්ඩයක තත්වයට ලඝු කලහොත් ඔබවත් ඒ තත්වයටම ලඝු කරනව. ඔබට පු‍ටුවකට කතාකරන්න හැකිනම් ඔබත් පු‍ටුවක්
[ගැහැණු මනුස්සයා පි:55]

ලෝකයේ සියළුම ආගම් උපත් පලන ක්‍රම වලට විරුද්ධයි. ඔවුන් පෙත්තට විරුද්ධයි, ගබ්සාවට විරුද්ධයි. එහි අර්ථය වෙන්නෙ ගැහණිය දියටම ජීව විද්‍යාත්මකව වහල් භාවයේ සිටිය යුතුයි යන්නයි. ඇගේ ශක්තිය දිගටම වැය වෙන්නෙ අනුකාරක ජනයා බිහිකරන්නයි.
[ගැහැණු මනුස්සයා පි:148]

ඔබ මලක් දෙස බලනවානම් “කොයිතරම් සුන්දරද” කියල කියාවි. ඔබ මිනිහෙක්ගෙ, ගැහැණියකගෙ ලස්සන මුහුණ දිහා බැලුවොත් මිනිස්සු කියාවි “ඒකනම් කෑදරකම” කියල. ඔබ ගසක් ගාවට ගිහින් එතන සිටගෙන මලක් දේසට පුදුමයට පත්වී බලා සිටියහොත් මිනිස්සු හිතාවි ඔබ කවියෙක් නැත්නම් සිතුවම් අඳින්නෙක් කියල. එහෙම නැත්නම් යෝගියෙක් කියල. ඔබ පිරිමියෙක් නැතිනම් ගැහැණියෙක් වෙත ගිහිල්ල දැඩි ගෞරාවයකින්, පූජනීයත්වයක් දක්වමින් එම ගැහැණිය වෙත යොමාගත් ඇස් හොඳින් විවර කරලා ඇයගේ මුහුණේ ලස්සන උරාගනිමින් පසුවුනොත් පොලීසියෙන් ඔබව අල්ලාගෙන යන්න ඉඩ තියනව. එවිට කවුරුත් කියන එකක් නෑ ඔබ කවියෙක්, යෝගියෙක් කියලා
[ගැහැණු මනුස්සයා පි: 154]

මම හිතන්නෙ නැහැ එකම මිනිහෙක්වත් ගැබ්ගන්න කැමති වෙයි කියල. කිසිම සැකයක් නැතිව ඔහු සියදිවි නසාගනීවි. ඔහු තට්‍ටු පනහක් උස ගොඩනෙගිල්ලක් උඩ ඉඳල බිමට පනීවි. – ගර්භණීද ? නිකං හිතන්න ඔබේ බඩේ දරුවෙක් ඉන්නවා කියල. ඔබට පිස්සු හැදේවි. එහෙත් දැන් කොහොමද එය පලවාහරින්නෙ. මවක් කොතරම් විශාල දුක් වේදනා තුලින්ද මේ දැවැන්ත පරිත්‍යාගය කරන්නෙ.
[ගැහැණු මනුස්සයා පි:184]

පොත: ඕෂෝ සංවාද – ජීවිතයට ඉඩදෙන්න 02 – ගැහැණු මනුස්සයා
පරිවර්තක: ජෝ සෙනවිරත්න
ප්‍රකාශනය: සරසවි
මිල: රු 290.00

Leave a Reply