ටෙඩිබෙයා සහ ගැහැණු

බෝනික්කන් කඩා දමන අතැම් ගැහැණු ළමුන් ටෙඩිබෙයා ආදරයෙන් පරිස්සමින් වැළඳගන්නේ ඇයි කියල හිතලා තියනවද?.  ඒ මිනිස්සුන් තුල ස්වභාවයෙන්ම තියන ලිංගික ඊර්ශ්‍යා ආශා භාවයේ ප්‍රතිඵලයක්!

සියුම් ලිංගික ඊර්ශ්‍යා ඇති දැරියකට බෝනික්කන්ට ආදරය කරන්න වගේම වදදී සතුටු වීමෙන් නොනැවතී බෝනික්කාගේ අතපය කඩා දැමීමට වුනත් පෙළඹෙන්න ඉඩ තියනව.

ඔබ නිරීක්ෂණය කර ඇත්නම්, දැක ඇති ගහැණු ළමුන් දෙමාපියන් සමඟ වෙළඳසැල් වලින් මිළදී ගැනීමට ඇවිටිළි කරන්නේ අතිශය රූමත් අඟපසඟ ඇති බෝනික්කාවයි. එමෙන්ම හොඳින් නිරීක්ෂණය කලහොත් ඔබට දැක ගන්න පුළුවන් ටික කලකටපසු ඔවුන් ලඟ ඉතිරිවී පවතින්නේ සුන්දර බෝනික්කා නොව කවුරුන්හෝ තෑගි දුන් අවලස්සන “තට්ට” බෝනික්කා බව.

නමුත් ටෙඩිබෙයා පිළිබඳව ගැහැණු දරැවන් දරන මතය මීට වෙනස් එකක්. ටෙඩිබෙයා පුරුශ සංකේතයක්. ඇයට එය සිය පවුලේ කෙනෙකුගේ හෝ වෙනයම් කෙනෙකුගේ මොනමාකාරයක හෝ විරෝධයක් නැතිව වයස් බේදයකින් තොරෙව පුරුශ ලිංගික සංකේතයක් තුරුළුකරගන්න ලැබෙන අවස්ථාවක්.

ඇය රාත්‍රී නින්දට කලින් ස්ංඛේතීයව බෝනික්කා නහවා පිරිසිඳුකොට කිරිපොවා බෝනිකි ඇඳේ නිදිකොට ටෙඩිබෙයා තුරුළුකරන් තමයි නින්දට යන්නේ. ඈ එහි උණුසුමක් ආරක්ෂාවක් පිළිබඳව විශ්වාසයක් ඇතිකරගන්නවා. මතුවට ඈ ගතකරන්න සැලැස්මේ පරිදි නියමිත ජීවිතය නොදැනුවත්වම රඟදක්වනවා.එය ඇයට ප්‍රහර්ශයක් ගෙනදෙන කාරණාවක්.

බෝනික්කනට ප්‍රිය කළ ගැහැණු ළමුන් වයසෙන් වැඩෙත්ම ක්‍රම ක්‍රමයෙන් එම ආශාව අතහැර රළු පුරුශයන්ට ආශක්ත වීම කුඩා කල ඇතිවූ බෝනිකි-ටෙඩිබෙයා අරගලයෙන් ටෙඩිබෙයා ජයග්‍රහණය කිරීම සංඛේතීයව පෙන්වනවා. එහි අනිත් පැත්ත, කුඩා කල බෝනික්කන්ට කැමැත්තක් නොදැක්වූ ඇතැම් විට සිය නැඟණියගේ බෝනික්කා කඩා දැමීමටවුවද පෙළඹුනු නමුත් වීර හැඩිදැඩි චරිත වලට මනාප වූ පිරිමි ළමයි වයසෙන් වැඩෙත්ම බොනික්කන් වන් යුවතියන්ට ආශක්ත වීම.

වර්තමාන මිනිසා ශිෂ්ටාචාරගතවීමට කලින් ඔහු ගතකල දඩයම් යුගය හා ඒ අශ්‍රිත ජීවන රටාව වර්තමානයේ පවතින අතිශය සංකීර්ණ ස්ත්‍රී පුරුෂ ලක්ෂණයන්ගේ මූලික රටා සැකැස්ම හඳුනාගැනීමට ඉමහත් උපකාරී වෙයි. ගල් යුග පුරුෂයා සිය ස්ත්‍රිය තමා කෙරේ දැඩිව ඇඳ බැඳ තබා ගත්තෙකි. එය පුරුශයාගේ සංචරණ, සම්පාදන හැකියාව මත ගැහැණිය විසින් ස්ව කැමැත්තෙන්ම කල තෝරාගනීමක් ලෙසවුවද අර්ථ දැක්විය හැක.

ආදිකල්පික කර්කශ දිවිය සරි කරගැනීම සඳහා වසර සිය ගණනක් තිස්සේ වන දඩයමේ නිරතවූ පිරිමියා අවධානමකට මුහුණ පෑ හැකි ලෙසින් යුත් කාය ශක්තියකින් හෙබි අයෙකු දක්වා වර්ධනය විය. ශක්තිමත් දිගු දෑත්, දඬු උස් ශරීරය, පුළුල් ශක්තිමත් උරහිස් සහිත රළු දැඩි ශරීර ලකුණු පෙන්වූ ආදි මිනිසා දඩයම් කාර්යයේ දී අවශ්‍යයෙන් ම සටන්කාමී විය යුතුය. නැතිනම් ස්වභාවිකවම ක්ෂයවී යා යුතුය.

එවන් ලක්ෂණයෙන් හෙබි පුරුෂයෙකු යනු ආරක්ෂාවේ සංඛ්තයකි. පැවැත්මේ අනවරත ආශාවෙන් මඬනාලද ආදිකල්පික ස්ත්‍රියගේ ප්‍රථම තේරීම ඔහු විය. එය වර්ථමානයේදීද විශාල ලෙස වෙනස් කමකට භාජනය වී නොමැත.

එහෙයින් අදද සුපිරි වීර පුරුෂයන් තුලින් කාන්තාවන් දක්නට කැමතිවනුයේ සංඛේතීයව එයමය. ඝන අඳුරු පැහැ ලොම් ආවරණයකින් වැසුනු, සිය ප්‍රතිවාදියාට දරුණ ප්‍රහාර එල්ල කිරීමට සමත් අඟපසඟත්, දිදුලන, කුඩා සෘජු දෙනෙත් ඇති වලසා තුලින් ස්ත්‍රිය සංකේතීය වනචාරී මිනිසා දකී. එය භෞතිකව හිමි කර ගැනීමෙහිදී විවිධාකාර වූ සංස්කෘතික බාධක හමුවේ ඇයට ටෙඩිබෙයාට සීමා වීමට සිදුවිය.

කාලයත් සමඟ විවිධ වර්ණයෙන් වෙළඳපොළට පැමිණියද ටෙඩිබෙයාට අනන්‍ය වර්ණය වූයේ තද දුඹුරු පැහැය යි. එය දැඩි හිරු රශ්මියෙන් මඬනා ලද පුරුෂයා සතු විඩා බර තලෙලු පැහැයට ඉඟි කරන්නකි. එබැවින් ටෙඩිබෙයා කෙරෙන් ස්ත්‍රිය දුටුවේ මෙකී පුරුෂයා ය. හිම වලසාගේ දීප්තිමත් සුදු පැහැය ටෙඩිබෙයා අනුරුවට නොපැමිනියේ එහෙයිනි. ඌ ස්ත්‍රී ච්ත්තයට ජෙන්ටල් වැඩිය.

මනෝ විශ්ලේෂණවාදයන්ට අනුව ස්ත්‍රියගේ චිත්තයේ යටපත් වූ පුරුෂ ස්වභාවයක් ද, පුරුෂ චිත්තයේ ස්ත්‍රී ස්වභාවයක් ද මතුවෙමින් ගිලෙමින් පවතිනබව පිලිගනියි. ඒ අනුව ස්ත්‍රියක් අභ්‍යන්යන්තරයෙන් පිරිමියකු වීමේ ආශා මනසින් පසුවන බව දැක්වේ. ටෙඩිබෙයකු තුරුළුකර ගැනීම යනු ඒ පුරුෂයකු වීමේ අරමුණ ලඟා කරගත් බවට කරන සංකේතයකි.

වත්මනේ දී ප්‍රමාණයෙන් පුරුශ ශරීරය තරමි විශාල ටෙඩිබෙයාලා වෙලඳපොල තුල ඉල්ලුමක් හිමිකරගෙන ඇත. ඔවුන් මිලදී ගන්නේ වැඩිවිය පත් තාරැන්‍යයේ පොපියන ස්ත්‍රී මනස් ය. මෙම විසල් පුළුන් ශරීර ස්ත්‍රී ලිංගික ආශ්වාදය නිරූපණය කරයි. ස්ත්‍රිය සොයනා තමාට වඩා ශරීර ප්‍රමාණයෙන් වැඩි, හැඩිදැඩි ෆැනටසීමය පිරිමියා ටෙඩිබෙයා තුල හොවා සයනයේ පසෙකින් සතපවා ගනී.

මෙහි ඇති විචිත්‍රවත් භාවය වන්නේ ඇතැම් විට මෙම මිළදී ගැනීම සිදුකරන්නේ ඇයගේ පෙම්වතා හෝ නව සැමියා වීමය. ඔවුන් නොදැනුවත්වම ස්ත්‍රී චිත්තයේ තමා හට ඇති ඉඩ ටෙඩිබෙයාහට පවරයි. එය ස්ත්‍රිය අතිමහත් ප්‍රීතියෙන් වැළඳගන්නේ ඇතැම් විට නිදහස්කාමී පිරිමියා තුල ඇති ඇය හට කිසිවිට අවනත නොවන පිරිමි කම සංඛ්තීයව පාලනය කිරීමට ඇති හැකියාව හිමිවීමේ ප්‍රීතියෙන් ඔකඳව විය හැක. එසේත් නොමැතිනම් එය ඇය ගුහාවේ තබා දඩයමේ යෑමේ වසර දහස් ගනනක් තිස්සේ මඬනාලද නොනිත් ආශාවේ පිරිමි ගැටයක් වුවද විය හැක.

Leave a Reply