රාවනා මෙහෙයුම

ලංකාවෙ කාශ්‍යප රජු සිංහලයෙක් වගේම සූර්ය වංශිකයෙක්. ඇත්තටම සිංහලයො කියන්න සූර්ය වංශිකයො කියන එක. හෙලයො කියන ශබ්දයට සමාන අර්ථ පද වන හීලියොස් කියන ලතින් වචනයේ අදහසත් සූර්ය වංශික කියන එක.

මට පොඩි ප්‍රශ්ණයක් තියනව, ඇයි මේ කාශ්‍යප රජ්ජුරුවන්ටම සිංහලයෙක් කිව්වෙ. මුගලන් කුමාරය සිංහලයෙක් නෙමෙයිද?

ධාතුසේන රජුගෙ බිසෝවරු දෙදෙනෙකුගෙ ළමයි මේ කුමාරවරු දෙදෙනා. මුගලන් දකුණු ඉන්දීය බිසවකගෙ පුතෙකු නිසා තමයි කාශ්‍යපට එරෙහිව මෙහෙයවපු සටනට ලාංකික සිංහලයො උදව් නොකලෙ. ඉතිහාසයෙ පැහැදිලිව තියනව දකුණු ඉන්දියාවට ගිහින් ගෙනා සේනාවක් සමඟයි කාශ්‍යප හා යුද්ධ කලේ කියල.
[පි‍ටු අංක හැත්තෑ අට]

“මේජර් ඇන්ඩර්සන් කාටර්’ස් ස්පෙෂල් ඔප් ටීම්, රිපෝට් ඉමීඩියට්ලි ‍ටු ද ඔස්ප්‍රි ” ජේකින් දෙවරක්ම එය ඇමතුම් යොමුවට කියනා අතර ගමනේ යොමුව සඳහන් සටහනේ පිහි‍ටුම වෙත නෙත් හෙලීය. අක්ෂාංශ, දේෂාංශ සටහන තමන් යා යුතු පිහි‍ටුම දැක්වීය. කහ මුහුද කරා යන ගමනේදී ඉන්දියන් සාගරය තරණය කරමින් සිටිනා ඔවුන්ගේ නෞකාව ඔවුන් ගොස් එජතුරු මෙතනම හිඳීවිද යන්න යායුතු පිහි‍ටුම දකිත්ම ජේකින්ගේ හිතට නැඟුණු පැණයයි.

“6/48/N 80 48/E” තමන් යායුතු ඉලක්කය කහ මුහුද න්වන බවනම් ඉතා පැහැදිලිය
[පි‍ටු අංක දාහත]

හදිස්සියේම ඇය අසලට වේගයෙන් ඇදී ආ සුදු පැහැති වෑන් රථයක් ඇගේ ඇ‍ඟේ ගෑවී නොගැවී පදික වේදිකාව අසලටම ගෙනැවුත් එකවනම නැවැත්වීය. පැති දොර විවෘත්ත වූ වෑන් රථයේ කළුවර් ඇතුලින් පිතට පැමිණි හැඩි දැඩි අත් පමණක් හිරුණිට දිස් විය. ශක්තිමත් දෑත්වල ග්‍රහනයෙන් ඇයව වෑන් රථය තුලට ඇදීගිය ක්ෂණයකින් වෑන් රථයේ දොර වැසීගියේය
[පි‍ටු අංක තිස් තුන]

රාවනා රජුටත් පෙර සිටම භාෂා ශාස්ත්‍ර විද්‍යා අතින්, යන්ත්‍ර මන්ත්‍ර අතින් ඉන්දු-ලංකා ප්‍රදේශ ඉහල තැනක් ගෙන තිබූ බව පෙනෙනවා. මෙවැනි පොතක් ලියන්න රාවනා රජුට දැනුම ආවේ වෙනත් ගුරුවරුන්ගෙන්. රාවනා රජුගේ ගුරුවන් වූ ඔහුගේම පියා වූ විශ්ව මුණි, සීයා වූ පුලස්ති හා අගස්තී වැනි සෘෂිවරු මව්පස සීයා වූ සුමාලින් අසුර රජු යන අය රාවනා රජුව දැනුමෙන් පෝෂණය කරන්න ඇති.
[පි‍ටු අංක අනූ හත]

උතුරු දිශාවට වගේම ලෝක පාලක වශයෙනුත් යක්ෂයන්ට අධිපති ලෙසත් සැලකෙන්නෙ කුවේර හෙවත් වෛශ්‍රවණයි. වෛදික ග්‍රන්ථ, පුරාණ ග්‍රන්ථ හා හින්දු පුරාවෘත අනුව කුවේර ලංකාවේ කලෙක පාලකව සිටි අතර ඔහුව බලයෙන් නෙරපා රාවණා ලංකාවේ රජ වූ බවයි සඳහන්.
[පි‍ටු අංක එකසීය එකොලහ]

කාවන්තිස්ස රජ පරපුර එන්නෙ මාගම රුහුණු පෙළපතින්. එතුමගෙ සීයා මහානාග කුමාරයා අනුරාධපුරයෙන් මාගමට පලා එන්නේ අඹ ගෙඩියකට වස දා ඔහුව නසන්නට තම සහෝදර දේවානම්පියතිස්සගෙ බිසව කල ඝාතන තැතට බය වෙලා.
[පි‍ටු අංක එකසීය දාහතර]

ඇත්තටම ආටානාටිය කියන්නෙ බුදුන් දේශිත සූත්‍රයක් නෙමෙයි, බුදුන්ට දේශිත සූත්‍රයක්.

ත්‍රිපිටකයෙ බුදුන් දේශිත ධර්මය මිසක් බුදුන්ට කියූ බණ කොහේද?

බුද්ධ ශාශනයේ භික්ෂු, භික්ෂුණී, උපසක, උපාසිකා යන පිරිසට ඇතිවන අමනුෂ්‍ය උපද්‍රව වලක්වාගනු පිණිස වෛශ්‍රවණ රජු ප්‍රමුඛ සතරවරම් රජවරු විසින් ආටානාටිය නම් නහරයේදී විපස්සී ආදී සත්බුදුවරුන් සහ අටසිසි යක්ෂසේනාධිපතින්ගේ අණ තේජස පිහි‍ටුවා සම්මතව ලියැවුන නිසා ආටානාටිය නම් වූ මේ පිරිත රජගහ නුවර සිටි බුදුන් හමුවට එන මේ රජවරුන් හා සේනාව හමුවේ වෙසමුණි රජතුමා බුදුන් ඉදිරියේ ප්‍රකාශකරනවා. බුදුරදුන් එය පිළිගෙන පසුව එය එලෙසින්ම භික්ෂූන් අමතා වදාළ නිසයි එය බුද්ධ භාශිතය වන්නේ
[පි‍ටු අංක එකසීය තිස්පහ]

1938 දී හිට්ලර්ගේ පාලන සමයේ ජර්මන් ගවේශකයින් හයින්රිච් හිම්ලර් ගේ මෙහෙයවීමෙන් මුල්ම පූර්වජ ජාතිකයන් ලෙස ආර්ය අට්ලාන්ටිකයින් සොයා ටිබෙටයට පිටට්කොට හැරුනා.මන්නාරමට ආසන්න මුහුදේ මුදට යටවූ යොදුන් පන්සීයක් පමණ වූ නාග රාජ්‍යයක් ගැන මහාවංශයේ මුල්ම කවි කිහිපයක සඳහන් වෙනවා
[පි‍ටු අංක එකසෙය හැට අට]

රාම හා සටන් වදිනකොට රාවනා රාමට වඩා බොහෝ සේ මහලුයි. ඒක හරියට මම අපේ සීයාට කඩු සටනකට අභියෝග කලා වගෙයි. ඒත් ඒ සටනත් රාවනා පරදින්නෙ රාවණාගෙ මර්මස්ථානය විභීෂණ විසින් රාමාට කියාපු නිසයි. තමාගේ කෙනෙකු ද්‍රෝහීවීම නොදන්නා කෙනෙකු සතුරු වනවාට වඩා බරපතල බව කියන්නට තියන ලංකාවේ හොඳම උදාහරණය. [පි‍ටු අංක දෙසීය හය]

හීබෲ බයිබලයේ මෙන්ම නව තෙස්තමේන්තුවෙත් යුදෙව් මෙන්ම ක්‍රිස්තියානු වහරේත් හීබෲ බසින් බිහිවූ ආමේන් යන වදන නිතරම භාවිතා වෙනව. හීබෲ බසින් හි අරුත, සත්තකින්ම, අවශ්‍යයෙන්ම, එසේම වේවා, වැනි අදහසක්. ඉතාම බලවත් වූ එකඟතාවයක් පලකිරීම සඳහා මෙය යොදා ගැනුණා. යුදෙව්වන් ආශිර්වාදය ලැබුම පිණිසත්, පොදු පිළිතුරක් වශයෙන් ඇතැම් තැන්හී සාමූහිකව මෙසේ කීම දැකිය හැකියි. [පි‍ටු අංක එකසීය පනස් අට]

බලන්න කොච්චර බුද්ධාගම ලක්දිව පැතිරුනත් ලාංකික සිංහලයන් බුදුන්ගේ සිරිපතුල වඳින්න කියල නැග්ගට ඉර සේවෙ දැක්කෙ නැත්නං ගමනම සවුත්තුයි. උදෑසන ඉර දැක්ක ගමන් සිරිපතුලට පිටිපස්ස හරවල ඉර දිහාට සාධු කියල වඳිනව. බුදුහාමුදුරුවො සිරිපතුල පිහි‍ටුවල ගිහිල්ලත් සිංහල සුරයන්ගේ සුර්ය වන්දනාව වලක්වගන්න බැරිඋනා. මං හිතන්නෙ ඒක සිංහල ජාන වලටම කාවදිල වගේ. තාමත් සමනල කන්ද මුදුනේ සිංහලයන් හෙවත් සිව්හෙලයන්, හෙළයන් හෙවත් හීලියෝස් හෙවත් සූර්ය වංශිකයන් හිරුට වඳිනව
[පි‍ටු අංක දෙසීය පණහ]

මෙහි ලියවුනු ඡේද අතරේ නොලියවුනු ඉතිරි රසවත් සටහන් කියවන්න

පොත: රාවනා මෙහෙයුම
කතෘ: තුසිත රුවන්
ප්‍රකාශනය: සරසවි
මිල: රු.360.00

Leave a Reply