මිනිස්සු වෙනස් ද ?

ජීවිතේ කොහේද සැන්සිල්ලක්. අද හොඳින් හිටියොත් හෙට මොකක් හරි අවුලක්.

හිතල බලන්න ඔබ සහ මම සිත් තැවුලින් සිටින්නේ කවුරුන් නිසාදැයි කියා.

ඔබගේ දරුවන් නිසා?

සැමියා, බිරිඳ නිසා?

අසල්වැසියා නිසා?

‍රැකියා ස්ථානය නිසා?

මිතුරා මිතුරිය නිසා?

සහ ඔබ නොවනා අනෙකුත් සියල්ලන් නිසා….?

ඇයි?

ඔබ සහ මම බලාපොරොත්තු වෙනව අනුන් ඔබට රුචි පරිදිම ඔවුන්ගේ ජීවිත හැඩගසාගත යුතුයැයි කියා.

කිසිම වෙලාවක එහෙම වෙලා තියනවද?

ඔව්?

හ්ම්ම්ම්…

හොඳට හිතල බලන්න ඒ වෙනස් වීම කියල ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියල…

කොටසින් කොටස ඇනලයිස් කරගෙන යනකොට ඔබට වැටහෙයි ඇත්තටම වෙලා තියෙන්නේ අනෙකාගේ ඇවැතුම් පැවැතුම් තේරැම් අරගෙන ඒ දේවල් ඒ ආකාර්යෙන්ම පිළිඅරගැනීම කියල.

මිනිස්සු වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින් කියලා කියනවා. ඒත් මට එහෙමටවත් වෙනස් වෙච්ච මනුස්සයෙක් මුනගැහිල නෑ. ඒ මිනිස්සු හමුවෙනකොට උන්න වගේමයි තාමත්.

ඒත් සමහර වෙලාවට ඔබ සහ මම කියනව, එයා ඉස්සර වගේ නෙමෙයි දැන් කියල.

මට හිතෙන්නෙ එහෙම කියන්නෙ එදා ඇත්තටම ඒ මනුස්සයගෙ ගති ස්වභාය හඳුනාගෙන නොසිටය නිසා කියල.

උදාහරණයක් විදියට ඔබ විවාහක නම් ඔබට අත්දැකීම් ඇති මත ගැටුම් වල අවසානයේ මොක්කද වෙන්නේ කියල.

ගොඩක් වෙලාවට “අනේ ඒ ඉතිං එයාගේ හැටිනේ” කියල හිත හදා ගනනවා. ඒ වෙන්නේ අනෙකාගේ පැවැත්ම ඒ ආකාරයෙන්ම පිළිගැනීමක්.

ඔබට අන්න ඒ අවබෝධයට එළඹෙන්න පුළුවන් නම් ඒ මොහොතේ ඉඳලා ඔබතුල සාමකාමීත්වය ආරම්භවෙනවා, ක්‍රමක්‍රමයෙන් අසහනකාරී හැඟීම් නැතිවෙලා යනවා. හැබැයි ඒත් එක්කම ඔබ බොහෝම න්‍යුට්‍රල් ජීවිතයක් වෙනවා, එතනදී අනෙකා එය තේරැම් නොගත්තොත් ඔබ මෙලෝ රහක් නැති ජීවිතයක් විදියට හංවඩු ගැහෙනවා.

අන්න එතනදී පරිස්සමින් ……

Leave a Reply